Sunday, April 7, 2019

මා නුවන් හඬවා

මා නුවන් හඬවා
ඔබගේ සුසුම් රඳවා
ආදරේ දුන් වේදනා
ජීවේ පුරා යාවෙලා

ජීවිතේ අඹරේ
හිනැහී පෙමින් සඳ සේ
පාරවා හිත පාරවා
වෙන්වී ගියේ ඇයි ළඳේ

මා නුවන් හඬවා

ආදරෙන් ළංවූ
නොසිතූ ලෙසින් වෙන්වූ
මා ඔබේ දිවි මාවතේ
බාධාව වීදෝ ළඳේ

මා නුවන් හඬවා
ඔබගේ සුසුම් රඳවා
ආදරේ දුන් වේදනා
ජීවේ පුරා යාවෙලා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සරත් දසනායක
1975 දී "ලෝටස්" ලේබලයෙන් නිකුත්වූ "ඔබේ සිනාවේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.

No comments: