Sunday, April 7, 2019

රෑ කවුදෝ සිහිනෙන් පෙනුණේ

රෑ කවුදෝ සිහිනෙන් පෙනුණේ
නයනේ ඇඳුණේ මනසේ රැඳුණේ

ඈ මා හෙමින් ඈත කැන්දා ගොසින්
කීව රහසින් හැඟුම් පීදුණා ...//
තරුවැල් දිලුණා
සඳකැන් සැලුණා

රෑ කවුදෝ සිහිනෙන් පෙනුණේ
නයනේ ඇඳුණේ මනසේ රැඳුණේ

ඒ සීන මනමාලි හැබහින්ම දැකගන්න
හැකිවේද කවදාක හෝ ...//
ඇයගේ හසකැන්
නොමැකේ මහදින්

රෑ කවුදෝ සිහිනෙන් පෙනුණේ
නයනේ ඇඳුණේ මනසේ රැඳුණේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සරත් දසනායක
1975 දී "ලෝටස්" ලේබලයෙන් නිකුත්වූ "ඔබේ සිනාවේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.

No comments: