අප එක පෙදෙසක නිවසන්නේ
නැතුවද ඔබ මා හඳුනන්නේ ...//
මා දිහා
ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ
මා ඔබ පසුපස පිය මැන ඇත්තෙමි
ඔබට නොම දැනී
ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි
ඔබට නොම දැනී
මා දිහා
ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ
ඔබ අමතන්නට සිතුවද විටකදි
එයට සිත නොදේ
දවසින් දවසම මගෙ සිතුවිලි පෙළ
ඔබ වටා බැඳේ
මා දිහා
ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ
අප එක පෙදෙසක නිවසන්නේ
නැතුවද ඔබ මා හඳුනන්නේ ...//
මා දිහා
ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සරත් දසනායක
1975 දී "ලෝටස්" ලේබලයෙන් නිකුත්වූ "ඔබේ සිනාවේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Lotus / LECL/015/1P/003)
මුල් ගීය
පසු කලෙක කළ ගායනයක්
එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සමග 1972 වසරේදී "සුජීවා" චිත්‍රපටියට ගැයූ "නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ" නම් ගීයක් ඇති බවත් එම ගීයේ තනුවටම පසු කලෙක ප්‍රියා සූරියසේන, අපි එක පෙදෙසක නොව ඉන්නේ යනුවෙන් ගීයක් ගයා ඇත.
මෙන්න ප්‍රියා ගෙ ගීයට යොමුව
No comments:
Post a Comment