Wednesday, March 13, 2019

අපි එක පෙදෙසක නොව ඉන්නේ


අපි එක පෙදෙසක නොව ඉන්නේ
එනමුදු වගතුග නැහැ දන්නේ
මගතොට දුටුවම හිනැහෙන්නේ
ඇයිදෝ මුවගින් නොදොඩන්නේ

දින දින හදවත වැලපෙන්නේ
ඔබෙ සෙනෙහසමයි අයදින්නේ
නැතුවද මොහොතක් නවතින්නේ
ඇයි මේ ලෙස මට රිදවන්නේ

නව යොවුන් පෙම් මල් වනේ
නුහුරු කුසුමක් සේ පෙනේ
මලක සුවඳින් මත්වෙලා
බමරු එනවද ඉගිලිලා
දකින දකිනා
මලට වහනා
බමරිඳුන් නොව මා
හිතට කැපෙනා
ඔබය ලලනා
ඒ නිසයි එන්නෙ මා

අපි එක පෙදෙසක නොව ඉන්නේ
එනමුදු වගතුග නැහැ දන්නේ
මගතොට දුටුවම හිනැහෙන්නේ
ඇයිදෝ මුවගින් නොදොඩන්නේ

දින දින හදවත වැලපෙන්නේ
ඔබෙ සෙනෙහසමයි අයදින්නේ
නැතුවද මොහොතක් නවතින්නේ
ඇයි මේ ලෙස මට රිදවන්නේ

නුහුරු වුණමුත් වත ඔබේ
නපුරු වුණෙ ඇයි ඔය වගේ
කුළුණු ගුණයයි හදවතේ
තුරුණු ලඳකට ඇති අගේ
රුවට ලොබිනා
අඟනු පතනා
පෙම්වතෙක් නොව මා
වැරදි ඇත්නම් සමාවනු මා
ආයෙමත් එන්නෙ නෑ

අපි එක පෙදෙසක නොව ඉන්නේ
එනමුදු වගතුග නැහැ දන්නේ
මගතොට දුටුවම හිනැහෙන්නේ
ඇයිදෝ මුවගින් නොදොඩන්නේ

දින දින හදවත වැලපෙන්නේ
ඔබෙ සෙනෙහසමයි අයදින්නේ
නැතුවද මොහොතක් නවතින්නේ
ඇයි මේ ලෙස මට රිදවන්නේ

ගායනය - ප්‍රියා සූරියසේන
පද - නොදනී
තනුව - එම්.එම්.ඒ. හක්
1972 දී තිරගත වූ "සුජීවා" චිත්රපටියට එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සමග ගැයූ
"නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ" නම් ගීයේ තනුව මෙම ගීයට යොදා ගෙන ඇත.

No comments: