නෑ ළඳේ මා මුලාවී නැතේ
කිසිදා නැතේ හැඬුවේ
මේ වගේ ජීවිතේ වේදනා
පුරුදුයි හුරුයි මට නම්
මා ගැයූ ගී ආදරේ නිසා
නෑ අසාලා ඔබ සවන්
මා ලියූ ගී ආදරේ නිසා
නෑ ගැටීලා ඔබ නුවන්
නෑ ළඳේ මා මුලාවී නැතේ
කිසිදා නැතේ හැඬුවේ
මේ වගේ ජීවිතේ වේදනා
පුරුදුයි හුරුයි මට නම්
මා එපා නම් ජීවිතේ පුරා
නෑ හඬන්නේ මා නුවන්
මේ වගේ නම් ආදරේ ඔබේ
මා සිටින්නම් මේ ලෙසින්
නෑ ළඳේ මා මුලාවී නැතේ
කිසිදා නැතේ හැඬුවේ
මේ වගේ ජීවිතේ වේදනා
පුරුදුයි හුරුයි මට නම්
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "අතීතයේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Shans - 1115)
No comments:
Post a Comment