රන් ඩහබිඳු මේ පොළවෙන් ඉසුරු ගෙනෙන දා
දුක් වේදනාවන් නිවී යාවී
හසරැල් පවන් රැල් සැලේවී
සැනසුම් හැඟුම් දී හදේ
යල මහ වෙනස් නෑ අපේ ලෝකයේ
එකසේ ගෙවේ සෑමදා ...//
රෑ දහවල් නොබලා වෙහෙසෙන්නේ
වියතක් රකින්නයි සිතා
රන් ඩහබිඳු මේ පොළවෙන් ඉසුරු ගෙනෙන දා
දුක් වේදනාවන් නිවී යාවී
හසරැල් පවන් රැල් සැලේවී
සැනසුම් හැඟුම් දී හදේ
වැස්සේ තෙමීලා අව්වේ දැවේ
සැප දුක් සමයි ජීවිතේ ...//
රෑ දහවල් නොබලා වෙහෙසෙන්නේ
වියතක් රකින්නයි සිතා
රන් ඩහබිඳු මේ පොළවෙන් ඉසුරු ගෙනෙන දා
දුක් වේදනාවන් නිවී යාවී
හසරැල් පවන් රැල් සැලේවී
සැනසුම් හැඟුම් දී හදේ ///.
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "අතීතයේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Shans - 1115)
No comments:
Post a Comment