Sunday, April 7, 2019

අතීතයේ පවා

අතීතයේ පවා
මගේ ළඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා

දවසක මා අමතා නොපෙනී කතා කළේ
දිනකදි මා හඬවා මා පෙළා නිහඬ වුණේ

අතීතයේ පවා
මගේ ළඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා

කෙදිනක හෝ ඔබගේ නොඉඳුල් සෙනෙහ විලේ
සැනසෙන්නම් නැවතී ආදරෙන් හිතූ ලෙසින්

අතීතයේ පවා
මගේ ළඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "අතීතයේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Shans - 1115)

No comments: