Monday, April 8, 2019

මා දිහා නෙත් හෙලා

මා දිහා නෙත් හෙළා අවි දැරූ අය ඇතේ
මේ මගේ ජීවිතේ හෙට නිමාවනු ඇතේ

මේ අතින් බත් කැවූ මා කුඩා නැඟනියෝ
මා එතැයි බල බලා හුරතලෙන් ඉන්නෙදෝ

මා දිහා නෙත් හෙළා අවි දැරූ අය ඇතේ
මේ මගේ ජීවිතේ හෙට නිමාවනු ඇතේ

යහළුවෝ යෙහෙළියෝ මා ළඟින් වූ එදා
මා වැඩූ මවුපියන් හඬ හඬා ඉන්නෙදෝ

මා දිහා නෙත් හෙළා අවි දැරූ අය ඇතේ
මේ මගේ ජීවිතේ හෙට නිමාවනු ඇතේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා දිහා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 1024)


No comments: