කාශ්මීරයේ සිදංගනාවී
නෙත් සැරයෙන් විකසිත (අඅ අඅ
අඅ ආ...)
කඩුපුල් මලිතී
දෙකොපුල් සිප ගන්නා මෙනි තුෂර කෙමි (ආ ආ ආ ආ ආ...)
මල් පෙති මත පබඳියි රස මියුරු කවි
හිරු මල මුකුලිත රතු හැන්දෑවේ
සුවඳ සිනා මල් ගවසා මුවගේ
ඉන්දු නදී ගංතීරේ
තනිවී
ඔබ ඉඳුවර මල් විල තිසරාවී (ආ...
ආ ආ ආආආ...)
කාශ්මීරයේ සිදංගනාවී
මියුරු විහඟ ගී නද වස්සානේ
ආදර පුදසුන අග්‍රා නගරේ
සිත්තම් කළ පිළිරෑ
ටජ්මහලේ
ඔබ සඳකිඳුරි ද පෙම් සිලිලාරේ (ආ...
ආ ආ ආආආ...)
කාශ්මීරයේ සිදංගනාවී
නෙත් සැරයෙන් විකසිත (අඅ අඅ
අඅ ආ...)
කඩුපුල් මලිතී
දෙකොපුල් සිප ගන්නා මෙනි තුෂර කෙමි (ආ ආ ආ ආ ආ...)
මල් පෙති මත පබඳියි රස මියුරු කවි
ආ අඅ ආ.... ආ...
ආ... ආ..ආ.. ආ අඅ ආ.... ආ...
ගායනය - ප්‍රසාද් කරුණාමුණි
පද - නිහාල් වික්‍රම එදිරිසූරිය
සංගීතය - හර්ෂ රන්දිමාල්
No comments:
Post a Comment