Friday, February 3, 2017

වෙල් ඉපනැල්ලෙ

වෙල් ඉපනැල්ලෙ දිව එනවිට නඟේ
නුඹෙ වරලස හද සසල කළේ
හිරු එළියට පිටුපාද්දි නඟේ (නඟේ)
නුඹෙ ලස්සණ රුව නෙත ගැටුණේ

නුඹේ දෑත වෙන කාටත් දෙන්න එපා
අහිංසකයි මගෙ හද රිදවන්න එපා ...//

නෙරිය තියා පැන් ගෙනෙනා ලඳේ
ඇඹුල අරන් එනවිට නුඹ නියරේ
නෙළුම් කොළේ ඇඹුල බෙදන සොඳුරී
නුඹම තමයි මේ ගමටම කුමරී

නුඹේ සිනහ වෙන කෙනෙකුට පාන්නෙපා
ගමේ අපව අමතක කර යන්න එපා ...//

එන බක් මාසෙ නුඹ දීගෙක යයිදෝ
සිදාදියට නුඹෙ සිත හැරුණාදෝ
ගමේ අපව අමතක වී යයිදෝ
මට නැවතත් ඇඹුල දෙන්නෙ කවුදෝ

සිදාදියට නුඹ ගිය පසු නැගනී
ගම හැරදා මමත් යනව කුමරී ...//

වෙල් ඉපනැල්ලෙ දිව එනවිට නඟේ
නුඹෙ වරලස හද සසල කළේ
හිරු එළියට පිටුපාද්දි නඟේ (නඟේ)
නුඹෙ ලස්සණ රුව නෙත ගැටුණේ

නුඹේ දෑත වෙන කාටත් දෙන්න එපා
අහිංසකයි මගෙ හද රිදවන්න එපා ...////

ගායනය - ඩබ්.ඒ. කරුණා ප්‍රේමලාල්
පද - භවන්ත ප්‍රසාද්
සංගීතය - දිලුප් ගබඩාමුදලිගේ

No comments: