ම්.. ම් ම් ම් ම්... ම් ම් ම් ම්...
ආලෝකේ පතුරා
මුළු ලෝකේ ඔපලා
චන්ද්‍රා හෙමින් එයි නැගී
ලොව මිහිර නොබලා
රස සිහින පෙනිලා
මගේ මැණික සුවසේ නිදී ....//
කොවුලන්ගේ මධු ගීත
සුළඟින් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහී
ම්.. ම් ම් ම් ම්... ම් ම් ම් ම්...
ඕ ...
සියොතුන් හඬන්නේ
මොණරුන් රඟන්නේ
නෑ ඔවුනුත් නිදියා ගනී
කොඳ මල් සිනාසේ
විල් නිල් ජලාසේ
රණ හංසයෝ පීනතී
සඳ කැන් බිබී නෑවෙතී
කිංකිණි නොසොල්ලා
නටමින් වරෙල්ලා
සුර කෙල්ලනේ ඈ නිදී
මගේ මැණික සුවසේ නිදී
ම්.. ම් ම් ම් ම්... ම් ම් ම් ම්...
ම්.. ම් ම් ම් ම්... ම් ම් ම් ම්...
ගායනය - සිසිර සේනාරත්න
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය - සිසිර සේනාරත්න
1965 දී තිරගත වූ හඳපාන චිත්‍රපටියේ ගීයකි.
1966 දී පැවති 3 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂකට හිමි සම්මානය මෙම චිත්‍රපටියට
හිමි විය.
No comments:
Post a Comment