Wednesday, January 16, 2019

කොහේද කොහේද අපේ ලොවක්



කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කහේද අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලෑවක්
පුංචි සුරංගනාවන් සැගවී ඉන්න වලාවක්

අපට හිතුමතයේ රජ කැගෙන ඉන්න දිහාවක්
අපට හිතුමතයේ රජ කැගෙන ඉන්න දිහාවක්

කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කහේද අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

කිදුරු විමානයට පාර ළගයි එන්න යාළුවේ
මූදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ
මකර කටින් නාග භවනට යමු එන්න යාළුවේ

අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ

කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කහේද අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක් ....////

ගායනය - වික්ටර් රත්නායක සහ පිරිස
පද රචනය - මහාචාර්ය සුනිල් ආරයරත්න 
තනුව - ඩබ්. ඩී. අමරදේව
1976 දී තිරගතවූ "මඩොල්දූව" චිත්‍රපටියේ ගීයකි.

No comments: