සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ
නිසල නෙතින් බැලුම් බලා
නිහඬ මුවින් බණක් කියයි
අව්කන බුදු පිළිම වහන්සේ
ප්‍රඥාවේ යුග නගුලෙන්
ලොවේ කෙතේ සී සෑවා ...//
ශ්‍රද්ධාවේ බිජු වටයෙන්
විමුක්තියේ ඵල නෙලුවා
කලා වැවේ දිය ගැඹරේ
සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ
කසී බමුණ මේ ගොවිතැන
බුදුන් අතින් ඉටු කෙරුණා ...//
එදා දෙසූ අමා දහම
නිහඬ මුවින් පැවසෙනවා
දිවා එළියෙ දියඹ වෙතින්
නැගෙන කිරණ විහිද වඳී
අව්කන බුදු පිළිම වහන්සේ
කලා වැවේ දිය ගැඹරේ
සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහාචාර්ය තිලක් රත්නායක
තනුව - ඩී.ආර්. පීරිස්
No comments:
Post a Comment