පැරදුණු ගීතය අසා පුරුදු සුළඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුණු ගීතය අසා පුරුදු සුළඟේ ...//
තරණය නොකළැකි ඇගේ ඉසව්වේ
බැඳ ඇත ප්‍රාකාරේ
කඳුළින් ලීවෙමි සෝකී පෙම් ගී
විරහ වේදනාවේ
කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුණු ගීතය අසා පුරුදු සුළඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුණු ගීතය අසා පුරුදු සුළඟේ
ගව්වෙන් ගව්වට වෙන් වෙන්නටදෝ
අප මාළිග සැදුවේ
ගව්වක් ඈතින් ඔබ සිටියත් නැහැ
මතක සිහින මැකුනේ
කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුණු ගීතය අසා පුරුදු සුළඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුණු ගීතය අසා පුරුදු සුළඟේ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
"වජිරා" (1981) චිත්‍රපටියේ ගීයකි
No comments:
Post a Comment