හදවතින් ගලා ආ
සෙනෙහසින් වියරු වූ
ජිවිතය නැවතිලා ...//
කලක් පපුවේ රැඳී
ආත්මය උමතු වී
නිමක් නැති ප්‍රේමයේ
සොහොන් කොත පාමුලේ
පරාජිත වී හැඬූ
කඳුළු මල් පිපුන දා
හදවතින් ගලා ආ
සෙනෙහසින් වියරු වූ
ජිවිතය නැවතිලා
වෛරයක් නෑ හිතේ
ආදරේ නාමයෙන්
මතුව ඉපැදෙන භවේ
මෙහෙම දුක් නොවේවා
නිවන් දකිනා තුරා
කඳුළු මල් පිපුන දා
හදවතින් ගලා ආ
සෙනෙහසින් වියරු වූ
ජිවිතය නැවතිලා ...//
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ශාන්ත දේශබන්දු
තනුව - ඩී.ඩී. ගුණසේන
No comments:
Post a Comment