සිකුරා හිනාවුණා
මගේ දිහා බලා
අදින් හෙටින් වගේ
අදින් හෙටින් වගේ
හොඳක් යෙදේවී ...//
සිකුරා හිනාවුණා
දුසිම් ගණන් ඒවී
මනාලයන් පේවී
පබාවතී වගේ මමත්
බඳින්න පොරකාවී ...//
මගුල් නැකැත් බලා සුදු සේල අන්දලා //
මනාලයාට මාව දෙයි කසාද බන්දලා
සිකුරා හිනාවුණා
කටුයි මසුයි වාගේ
බතුයි හොදියි වාගේ
එදා හිටන් ඔයයි මමයි
වසන්නෙ පණ වාගේ ල....//
ගමේ ළමිස්සියන් මට ඉරිසියා කරයි //
කුරුල්ලෙකුයි කිරිල්ලියයි
වගේ තමයි අපි
සිකුරා හිනාවුණා
මගේ දිහා බලා
අදින් හෙටින් වගේ
අදින් හෙටින් වගේ
හොඳක් යෙදේවී ...//
සිකුරා හිනාවුණා
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ "ගැහැනු ගැට" චිත්රපටියේ ගීයකි.
No comments:
Post a Comment