Wednesday, October 28, 2026

"ගැහැනු ගැට" චිත්‍රපටියේ ගීත



"ගැහැනු ගැට" සිංහල සිනමා වංශකථාවේ 63 වැනි චිත්‍රපටියයි.

මෙහි කතා පිටපත සිසිර කුමාර මානික්කආරච්චි විසින් රචනා වූයේ "මනමගන් තේවෛයි" නම් 1957 දී තිරගතවූ දමිළ චිත්‍රපටිය ඇසුරු කරගෙන.

එම දමිළ චිත්‍රපටියට හා "අල්බේලා" යන හින්දි චිත්‍රපටියටත්, Varudu Kaavaali  නම් තෙළුගු චිත්‍රපටියටත් කතාව ගොඩනගා ගන්න පාදක කර ගෙන තිබෙන්නෙ "ද ෆැබියුලස් සෙනෝරීටා" (The Fabulous Senorita) නම් 1952 දී තිරගතවූ ඉංග්‍රීසි චිත්‍රපටියයි.


"⁣ගැහැනු ගැට" චිත්‍රපටියේ අධ්‍යක්ෂක වූයේ ලංකාවේ පළමු කතානාද චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ ජ්‍යෝතිශ් සිං.

ඔහු තවත් චිත්‍රපටි කීපයක්ම අධ්‍යක්ෂණය කළා. ඒ හැම එකක්ම ඉන්දියාවේදීයි සිදුවුණේ. "ගැහැනු ගැට" කළේ ලංකාවට පැමිණ "සිලෝන් ස්ටුඩියෝ" චිත්‍රාගාරයේ දී. නිෂ්පාදනය කළේ "සිලෝන් තියටර්ස්".


නිෂ්පාදන තොරතුරු මේ පලකිරීමේ අග ඉදිරිපත් කරන වීඩියෝවක අන්තර්ගත නිසා මා ඔබ වෙත ඉදිරිපත් කරන්නෙ මේ චිත්‍රපටියේ ඇතුළත්වූ ගී ගොන්නයි.

ගීත දහයකින් අටක් පමණයි ඉදිරිපත් කළ හැක්කේ. ඒ එම ගීත දෙකේ සංරක්ෂිත ශ්‍රව්‍ය ගොනුවක් (Audio File) හමු නොවන බැවින්.


ඉදිරිපත් කර ඇති ගී සියල්ලේම ඒ ඒ ගීයේ කේවල පලකිරීමක් "ගී අරණ" අඩවියේ ඇතුළත්. ගීයේ නාමය (Title) මත ක්ලික් කිරීමෙන් වඩාත් විස්තර සහිතව ඇති එම ගීය වෙත යොමු විය හැකියි.


සියලුම ගී ප්‍රබන්ධ කළේ සිසිර කුමාර මානික්කආරච්චි.


1. කපුටු කාක් කාක් කාක්


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ මල්ලිකා ද සිල්වා

සංගීතය - ආර්. මුත්තුසාමි


මේ ගීයේ ශ්‍රව්‍ය ගබඩා කිරීමක් හමු නොවේ.


2. නයනහාරී පෙම් කුමාරී


ගායනය - මොහිදීන් බෙග්

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න





ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
පද - සිසිරකුමාර මානික්කාරච්චි
තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස

පද - සිසිර කුමාර මානික්කආරච්චි

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න




"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවේ ගීය මෙලෙසින් ස්ථාපිතයි. 



ගායනය - මොහිදීන් බෙග්

පද - සිසිර කුමාර මානික්කආරච්චි

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න




6. මල් සුවඳේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක
(එවකට ඇන්ජලින් ද ලැනරෝල්)

මේ ගීයේ සංරක්ෂිත හඬ ගොනුවක් හමු නොවේ.


සිසිර සේනාරත්න සමග ජී.එස්.බී.රාණි පෙරේරා

පද රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න




"ජීඑස්බී රසික මුළුව" මුහුණු පොත සමූහයේ මේ ගීය මෙලෙසින් ස්ථාපිතයි.



8. පෙම් විමානෙ වාසනා

ගායනය - නිර්මලා* සමග හෙන්රි පෙරේරා
පද - සිසිර කුමාර මානික්කආරච්චි
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටිය - ගැහැණු ගැට (1959)

1958 දී තිරගතවූ "මධුමතී" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගායනා කළ, Dil Tadap Tadap Ke යන ගීයේ අනුකරණයකි.



"මධුමතී" හින්දි චිත්‍රපටියේ ගීය

Singers - Lata Mangeshkar & Mukesh (Chand Mathur Mukesh)
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Music - Salil Chowdhury
Movie - Madhumati
Starring - Dilip Kumar, Vyjayanthimala, Johnny Walker, Pran




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්

පද රචනය - සිසිර කුමා

ර මාණික්කආරච්චි

සංගීතය - ආර්. මුත්තුසාමි





ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි

සංගීතය - ආර්. මුත්තුසාමි




"ගැහැනු ගැට" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඉදිරිපත් කරන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.

No comments: