Tuesday, October 27, 2026

විනෝද චිත්තේ

විනෝද චිත්තේ

හොඳ මල් ඵල ගත්තේ

සිකුරා නැටුවා අල්ලේ

ඕ.. ඉතාම ළං වේ මංගල යෝගේ

ගැහැනියගේ පින කුණු මුල්ලේ


අද හෙට වාගේ මඟුලක් අහලා

මනාලයෙක් අද ඒවී

වේල් පළන්දා කණකර අන්දා

කසාද බන්දා දේවී

හොයි හොයි හොයි

කසාද බන්දා දේවී


මල් වෙඩි ගහලා අෂ්ඨක කියලා

රන් මාලය කර ලාවී

මගෙ සූකිරි කඳ මාවත් කැන්දන්

හඳටම හනිමූන් යාවී

හොයි හොයි හොයි

හඳටම හනිමූන් යාවී


මනාලයා මේ ළඟම සිටින්නේ

හෝ.....


මනාලයා මේ ළඟම සිටින්නේ

අද හෙට බඳිමු කසාදේ

පෝයට දෙන්නා කොළඹ ගිහිල්ලා

ට්‍රොලියේ යමු සීදේවී

දන්සැල් වැඳලා කටුගේ බලලා

එමුකො පණේ රෑ බෝවී


මනාලයාගේ හැටි බලපල්ලා

වඳුරෙකු වාගේ හැටි බලපල්ලා

පිටිසරයා බයගුල්ලා

කලිසම් අඳිනා මහත්තයෙක්මයි

මගෙ අත ගන්නේ අල්ලා

හොයි හොයි හොයි

මගෙ අත ගන්නේ අල්ලා


බැළලිට බළලයි මීහරකා නැත

කවදාවත් හරියන්නේ

නුපුරුදු දීගේ කන්න ගිහිල්ලා

ඔබමය ඉන් රැවටෙන්නේ ...//


ඒක සැබෑවයි ඔව් ඇන්නෑවේ (අයියෝ..

ඒක සැබෑවයි ඔව් ඇන්නෑවේ

කලිසම මොටද සොයන්නේ


ලබන දුරුත්තේ නැකත් බලාගෙන

කසාද බඳිමුකො දෙන්නා

හොයි හොයි හොයි

කසාද බඳිමුකො දෙන්නා


සීතල මාසෙට නැකත් බලාගෙන

මගුලක් කා නව පන්නේ

සූකිරි කන්දයි මී පැණි ගඟකුයි

හඳටය හනිමූන් යන්නේ


හඳටය හනිමූන් යන්නේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්

පද රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි

සංගීතය - ආර්. මුත්තුසාමි


1959 දී තිරගතවූ "ගැහැනු ගැට" චිත්‍රපටියේ ගීයකි.


No comments: