දුක් ගිනි ගොඩක මැදි වී ආදරය සෙනේ
බැඳගත් පෙම් තොරණ් අද සුණු විසුණු වුණේ
ඉරනම නිසාවද නැතුවද කුළුණු ගුණේ
අයියෝ එපා වුණෙ ඇයි ඔබෙ සොඳුරි පණේ
ගියා හර්දේ පලා
ගින්න මවලා තියා
කර්මෙ දෝ සෝක සයුරේ
ගිලීලා මෙදා
පෑව ප්‍රේමේට පිටු පාලා දුටු දා බැඳී
පෑව ප්‍රේමේට පිටු පාලා දුටු දා බැඳී
ඇයි ද දුක් දී ගියේ ආලෙ සම්පත් නොදී
ප්‍රේමෙ මිල දීල ගන්න ලබා දෙන්න බෑ
කර්මෙ දෝ සෝක සයුරේ
ගිලීලා මෙදා
ආ.. ආ.. ආ.. අඅඅ
ආ.. ආ.. ආ.. අඅඅ
ආ.. ආ.. ආ.. අඅ ආ ආ ආ
රාජ කුමරුන් පවා රාජ ඉසුරෙන් පිරී
රාජ කුමරුන් පවා රාජ ඉසුරෙන් පිරී
ප්‍රේමයෙන් දුප්පතා හා පරාදයි ලොවේ
බැන්දෙ නෑ ප්‍රේමයක්
මේ වගේ මා සුදා
කර්මෙ දෝ සෝක සයුරේ
ගිලීලා මෙදා
ප්‍රේමෙ මා ජීවිතේ අන්ධකාරේ නැසූ
ප්‍රේමෙ මා ජීවිතේ අන්ධකාරේ නැසූ
යාවි හද දයි කඩා
පෙම් පහන් මා තැණූ
දෙන්න පිහිටක් ලබා
දෙයියනේ දුක් බලා
කර්මෙ දෝ සෝක සයුරේ
ගිලීලා මෙදා
ගියා හර්දේ පලා
ගින්න මවලා තියා
කර්මෙ දෝ සෝක සයුරේ
ගිලීලා මෙදා
කර්මෙ දෝ සෝක සයුරේ
ගිලීලා මෙදා...////
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - හින්දි හෝ දමිළ ගී තනුවකි.
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment