Tuesday, January 31, 2017

ගයන්න ආවෙ නංගි මල්ලී


හොයි හොයි හොයි හොයි හොයි හොයි හොයි

ලල් ලල් ලා
ලාල ලාල ලා ....////

Come on I want to do the dance
I go and stay  you with the dance
Come on and dance
Come on and dance
Dance till the morning sun

ගයන්න ආවෙ නංගි මල්ලී
නටන්න එන්න පැද්දි පැද්දී
ගයා වයා නටා
අමා රසේ ලබා
ගෙවෙන්නෙ ජීවිතේ අපේ
අහන්න මේ විනෝද ගීතේ
                
ලල් ලල් ලා
ලාල ලාල ලා ....////

පාට පාට හීන ලෝකෙ පාවෙන්නේ
ආදරේ සොයාල නේද මේ යන්නේ
මී පැණී ගඟේ නොවේද පීනන්නේ
ඕන රාග තාල නේද මේ දෙන්නේ

රසේ පිරීතිරීලා වෑහීලා
ගලා ගලා ගියාලු පාවීලා
නොදන්න ඈයො මේක තේරීලා
හිමින්ම මාරු වේවි හැංගිලා

බලන්න කෝ අපේ
ගැයුම් වැයුම් වගේ
ඉමක් කොනක් නැතේ
අනන්ත සාගරේ වගේ

අහන්න මේ විනෝද ගීතේ
රැඳෙන්න සීන පාරාදීසේ
රිදී සිනා සලා
එමින් පියාඹලා
රඟන්න ගීත සාදයේ

ගයන්න ආවෙ නංගි මල්ලී
නටන්න එන්න පැද්දි පැද්දී
ගයා වයා නටා
අමා රසේ ලබා
ගෙවෙන්නෙ ජීවිතේ අපේ
අහන්න මේ විනෝද ගීතේ

දෑත දෑත මේ බැඳීලා පෑහෙන්නේ
මේ වගේ දිනක් නෙ ආයෙ නෑ එන්නේ
ශෝකතාප වේදනාව නෑ දන්නේ
ආදරේට ආදරේලු මේ දෙන්නේ

ගයන්න වේදිකාවෙ රඟපාලා
අහන්න සෑමදාම නැළවීලා
ඉඳින්න ජීවිතේම එක්වීලා
බැඳෙන්න වාද බේද හැරදාලා

කරන්න ආදරේ
නොවෙන්න කෑදරේ
තවත් කියුම් තිබේ
කියන්න ඕන ජාතියේ

ගයන්න ආවෙ නංගි මල්ලී
නටන්න එන්න පැද්දි පැද්දී
ගයා වයා නටා
අමා රසේ ලබා
ගෙවෙන්නෙ ජීවිතේ අපේ
අහන්න මේ විනෝද ගීතේ

ගායනය - සන්ෆ්ලවර්ස් (අතුල අධිකාරී, සුදත් නාවලගේ, අයිවෝ ද මෙල්, ක්‍රිස්ටෝපර් ලියනගේ සහ නීල් වර්ණකුලසූරිය
පද - හේමසිරි හල්පිට
සංගීතය - සන්ෆ්ලවර්ස්

No comments: