Tuesday, January 31, 2017

මල් වගෙ ලස්සණ


මල් වගෙ ලස්සණ ලොවකට වෙලා
ලස්සණ ලස්සණ දා
මල් වගෙ ලස්සණ ලොව තනිවෙලා
පැතුමත් දුකක් වෙලා
චේතනා
පාරයි වේදනා
මේ ගී ගායනා
පාරයි වේදනා ....//

මාරුතේ සැලී සැලී
රොන් පිරී පිරී
මල් සිනා දිදී දිදී
කුසුමක් පිබිදීලා
රොන් සොයා ඇදී ඇදී
මල් වනේ පුරා
ගුම් නදින් උදම් වෙවී
බමරෙකු මුණගැසුණා

මල් මදහාසේ
නෑ නෑ දුටුවේ
හඬගා කීවේ
නෑ නෑ ඇසුනේ

මල් වගෙ ලස්සණ ලොවකට වෙලා
ලස්සණ ලස්සණ දා
මල් වගෙ ලස්සණ ලොව තනිවෙලා
පැතුමත් දුකක් වෙලා
චේතනා
පාරයි වේදනා
මේ ගී ගායනා
පාරයි වේදනා

වේදනා සිඳී සිඳී
යා නොදී නොදී
නිල් නෙතින් බලා හිඳී
කිසිවක් ලබන රිසී

කාලයේ මිලාන වී
යා නොදී රැඳී
මල් විලේ පැතුම් පොදී
ඔහු ළඟ නතර වෙතී

මධු කුසලානේ
ඔහුටයි පිරුවේ
නිල් මකරන්දේ
ඔහුටයි පැතුවේ

මල් වගෙ ලස්සණ ලොවකට වෙලා
ලස්සණ ලස්සණ දා
මල් වගෙ ලස්සණ ලොව තනිවෙලා
පැතුමත් දුකක් වෙලා
චේතනා
පාරයි වේදනා
මේ ගී ගායනා
පාරයි වේදනා

ගායනය - චම්පා කල්හාරි
පද - හේමසිරි හල්පිට
සංගීතය - නීල් වර්ණකුලසූරිය (සන් ෆ්ලවර්ස්)

නීල් වර්ණකුලසූරිය ගේ කතාවකට නිර්මානය වූ හා ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.

No comments: