Sunday, September 22, 2019

කොත්මලේ පිපුණු


කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//

හිනැහෙන නුඹ දකිද්දි
පුර හඳ හැංගෙන හැටි අන්න බලන්න
...//

වපුරන කෙත් යායෙදි
වැගිරෙන ඩහදිය මුතු දෙන්න සිඹින්න


මඟුලැතු ඇවිත් අපට
පෙරමඟ සහ පිරිවර අරන් ඔටුන්න
...//

රජ සැප මට කුමටද
නුඹ නැති රජ ගෙදරට එන්න වඩින්න


කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//

ගායනය - සමන් ලෙනින් සමග සන්ධ්‍යා විජේසුන්දර
පද - වසන්ත විජේකෝන්
තනුව - ශාමින්ද ආරච්චිගේ


Kothmale Pipuna Wanapasa Malaki - Saman Lenin & Sandya Wijesundara

No comments: