Friday, September 18, 2026

උඹෙ නාඹර තැඹිලි පාට

හෝ... ඕ ඔ ඕ....


උඹෙ නාඹර තැඹිලි පාට

රූපය මට ලැබුණු දාට

පාන පත්තු නොකෙරුවාට

ගෙදර එළිය වැටෙයි රෑට

පාන පත්තු

 

පාන පත්තු නොකෙරුවාට

ගෙදර එළිය වැටෙයි රෑට  

උඹෙ නාඹර තැඹිලි පාට

රූපය මට ලැබුනු දාට

 

හෝ... ඕ ඔ ඕ....

 

ඔය විකාර බස් දොඩන්න

විලි බිය දෙක නැද්ද දන්නෙ 

ඔය විකාර

 

ඔය විකාර බස් දොඩන්න

විලි බිය දෙක නැද්ද දන්නෙ 

මොකටද ඔය හැටි නටන්නෙ

කවුද ඔහොම ගෑනු එන්නෙ

 

පාන පත්තු නොකෙරුවාට

ගෙදර එළිය වැටෙයි රෑට

පාන පත්තු

 

පාන පත්තු නොකෙරුවාට

ගෙදර එළිය වැටෙයි රෑට  

උඹෙ නාඹර තැඹිලි පාට

රූපය මට ලැබුනු දාට

 

මා දෙඩුවම කවට කමට

තරහා ගියෙ ඇයි ඔයාට

මා දෙඩුවම


මා දෙඩුවම කවට කමට

තරහා ගියෙ ඇයි ඔයාට

සුගලා උඹ නොමැති දාට

ඉඳල මොටද මං එදාට

  

පාන පත්තු නොකෙරුවාට

ගෙදර එළිය වැටෙයි රෑට

පාන පත්තු...  

 

පාන පත්තු නොකෙරුවාට

ගෙදර එළිය වැටෙයි රෑට  

උඹෙ නාඹර තැඹිලි පාට

රූපය මට ලැබුනු දාට

 

හෝ... ඕ ඔ ඕ....

 

ඇයි ඔය හැටි මෝඩ වෙන්නෙ

උඹ හින්දනෙ මමත් ඉන්නෙ ...//

ගෑනියෙකුගෙ හිත බලන්න

මේ කපටිය නැද්ද දන්නෙ

 

උඹෙ නාඹර තැඹිලි පාට

රූපය මට ලැබුණු දාට

පාන පත්තු නොකෙරුවාට

ගෙදර එළිය වැටෙයි රෑට

පාන පත්තු...  

 

පාන පත්තු නොකෙරුවාට

ගෙදර එළිය වැටෙයි රෑට  

උඹෙ නාඹර තැඹිලි පාට

රූපය මට ලැබුනු දාට

 

ගායනය - මොහිදීන් බෙග් සහ සිරිමතී රසාදරී

පද - හෙන්රි ධර්මසේන

තනුව සහ සංගීතය - සජාද් හුසේන්


1959 දී තිරගතවූ "දෛවයෝගය" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු

No comments: