Thursday, October 1, 2026

අයියාට මේ රජ ගේ මල්ලි හදාලා

අයියාට මේ රජ ගේ මල්ලි හදාලා 

ඔබෙ මල්ලි හදලා 

රජ ගේවත් නැත මේ ලස්සනට තියාලා // 

නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ කරදර නැතුව පාඩුවේ 


මකුළුවො දැල් නොබඳී

කුස්සියෙ දුම් නොයතී ...//


වැස්සට වහළ බිඳී 

වැහි දිය ගෙට නොඑතී.. //

මෙහි නෑ දොර ජනේලේ

මොකටද දුර ජනෙල් රෙදි 


අයියාට මේ රජ ගේ මල්ලි හදාලා 

ඔබෙ මල්ලි හදලා 

 

දූවිලි බැඳෙන නිතී 

ඇඳ පුටු මේස නැතී ...//


අඬගැහුවත් නැවතී 

මේ ගෙට හොරු නොඑතී ...//

වැඩකාරයො මොකටද 

දෙයියෝ දුන්න දෑත ඇතී 


අයියාට මේ රජ ගේ මල්ලි හදාලා 

ඔබෙ මල්ලි හදලා 


ඔය අත ළඟම ඔබේ

පොත් ටික පෙළට තිබේ ....//


එළිවෙන තුරුම ඉබේ 

හොඳ හැටි එළිය ලැබේ...//

වියදම නැතුව අපට පහනක් මහ පාරෙ තිබේ 


අයියාට මේ රජ ගේ මල්ලි හදාලා 

ඔබෙ මල්ලි හදලා 

රජ ගේවත් නැත මේ ලස්සනට තියාලා // 

නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ කරදර නැතුව පාඩුවේ


ගායනය - මාස්ටර් මොරින් සමග බේබි ඩොරින්

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි


1959 දී තිරගතවූ "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු

No comments: