Friday, September 13, 2019

එන නිවාඩුවට ගමට යමුද


එන නිවාඩුවට ගමට යමුද අම්මෙ තාත්තේ
පොතපතේ තියෙන ගමට යන්න අම්මෙ තාත්තේ
කජු පුහුලම් කන්න
ඇළ දොළේ නාන්න


ඔන්න
ඔට්ටුයි කියන්
වෙල් යාය දිගේ
පිම්මේ දුවයන්න

පිම්මේ දුවයන්න

වැල වරක කඩන්
ගම්මිරිස් දමන්
රස කර කර කන්න
රස කර කර කන්න


පන් පැදුරෙ ඉඳන්
සීයා ආච්චි අතින්
හබුන් කටක් කතන්න

හබුන් කටක් කතන්න

සීයා වටේ තියන්
හොඳට හූමිටි තියන්
කතා අහන් ඉන්න
කතා අහන් ඉන්න


එන නිවාඩුවට ගමට යමුද අම්මෙ තාත්තේ
පොතපතේ තියෙන ගමට යන්න අම්මෙ තාත්තේ
කජු පුහුලම් කන්න
ඇළ දොළේ නාන්න

කජු පුහුලම් කන්න
ඇළ දොළේ නාන්න
කජු පුහුලම් කන්න
ඇළ දොළේ නාන්න


ගායනය - රන්වල ළමා බලකාය
පද - ජයතිස්ස බොරළුගොඩ
තනුව - ලයනල් රන්වල (ගජමන් පුවතේ කවි ඇසුරින්)



Ena Niwaduwata Gamata Yamuda - RanwalaLama Balakaya

No comments: