ලේනී සමගින් තරඟෙට වාගේ
අද ඇයි මේ කන්කරච්චලේ නවසි ගහේ
මුදුනේ ...//
කැදැල්ල හැරදා උඹගේ ලේන් පුතා
කෙළි සෙල්ලමේ ගිහිං
මං ඇතිදැඩි කළ මගේ සියලු දරුවෝ
දීපංකරේ ගිහිං
ලේනෝ ලේනෝ
අඬන්නෙපා අපි කළ දේවල් උන්ටත්
පුරුදු වෙලා
ලේනෝ ලේනෝ
ලේනී සමගින් තරඟෙට වාගේ
අද ඇයි මේ කන්කරච්චලේ නවසි ගහේ
මුදුනේ
නිදහස් සුවඳට අතපය දැඩි වීලා
නොපෙණේ අවදානම්
පියෙන් පියට වස නපුරු සතා හැංගී
රකිනා කුරුමාණම්
ලේනෝ ලේනෝ
අඬන්නෙපා අපි කළ හරඹේ උන්ටත්
හුරුවේවී
ලේනෝ ලේනෝ
ලේනී සමගින් තරඟෙට වාගේ
අද ඇයි මේ කන්කරච්චලේ නවසි ගහේ
මුදුනේ
ලේනෝ ලේනෝ ////
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
Song - Leno Leno
Singer - Milton Mallawarachchi
Lyricist - Lucien Bulathsinhala
Composer - Rohana Weerasinha
No comments:
Post a Comment