Tuesday, February 12, 2019

තැටිය මැද්දෙ කළු කරාපු


තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිනවා
රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ ....//

හා හා අහහ අහහ

අයියෝ...

ඉරට එළිය අඩු වුනාට
සඳට එළිය අඩු වුනාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඩට අහුවුනාට
ඇඟෙන් බිඳක් අඩු වුනාට
නෑ නෑ නෑනේ දෙනෙත් අඬන්නේ

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

හා හා හා හා....

ඉසුරු අහුරු මලු පුරෝපු
අමුතු ලොවක අප රඳාපු
සිහින සිහින නොවෙයි හැම දිනේ
දිනක අපට අත පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිනවා
රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

I know I know I know

හාහ හා...  අහහ අහහ අහහ

ඉරට එළිය අඩු වුනාට
සඳට එළිය අඩු වුනාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඩට අහුවුනාට
ඇඟෙන් බිඳක් අඩු වුනාට
නෑ නෑ නෑනේ 

අයියෝ මගෙ අම්මේ

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
චචචච චච චා

රාමාටත් බැරි වුනාවු
මහ වැඩකට පෙළඹුනාවු
අපි දැකල එයා හඬණවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

නෑ නෑ දැන් එයා මෙහේ නෑ
ඔහොහො අයියෝ...
මගෙ අම්මේ
නෑ නෑ දැන් එයා මෙහේ නෑ
අහහ අහහ අහහ අහහ
නෑ නෑ දැන් එයා මෙහේ නෑ
නෑහ්.. හ්හහ් හා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ එච්.ආර්. ජෝතිපාල ඇතුලු පිරිස 
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය- අර්නස්ට් සොයිසා (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
1972 දී තිරගත වූ "මරුවා සමඟ වාසේ" චිත්‍රපටියේ ගීයකි.

No comments: