Saturday, May 25, 2019

පොඩි ගමනක් යනවා

සිතුම් පැතුම් පොදි බැඳගෙන
අතින් කටින් තව ඩැහැගෙන
උපන් දා පටන් අපි පොඩි ගමනක් යනවා
වටින් පිටින් තව තව ගෙන
කදමලු තව පුරවා ගෙන
හති හළ හළ කඳු පල්ලම් දිගේ ඇදෙනවා

දෙපා වාරු නැතිවෙන දින
බර උසුලනු බැරිවෙන තැන
දුක හිතුනත් සමහර දේ ඉවත හෙළනවා
සළු පිළි අභරණ ද වටින
පණ මෙන්සුරකින යහ ගුණ
සමහරවිට අප නොදැනම ඉබේ ඇදෙනවා

පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා ....//

අණ වින කරනා අය දැන දැන බැණ හෝ කරබාගෙන
යන අතරේ හැකිනම් කොඩිවින ද කරනවා
බැරි තැන ඉවසා කර දෙන අතරේ අප කල දුටු තැන
කරට නැ‍ඟී පුළුවන් නම් කරක් ගහනවා

කැරකෙන රෝදය දුක සැප නින්දා පැසසුම් විඳ විඳ
දිවා රැයේ කඳු පල්ලම් දිගේ ඇදෙනවා
කඩඇණ දෙක ගැලවුණු දින රෝදය පට්ටම සමගින
ගැලවී දිවි තවලම පල්ලටම වැටෙනවා

පොඩි ගමනක් යනවා
ගමන මඟ නවතිනවා ....////

ගායනය - කීර්ති පැස්කුවල්
පද - උපාලි අත්තනායක
තනුව - ලෝරන්ස් ප්‍රනාන්දු

No comments: