Thursday, March 21, 2019

දිවි තවලම පෙරට යතී

දිවි තවලම පෙරට යතී
කෙම් බිම් ළඟ ළඟම ඇතී
ජය මාවත මල් ඇතුරූ
සුව යහනක් නොම වේ

ගිරි හෙල් කඳු ශිඛර ඇතේ
කෙත් මිටියාවත් හමුවේ
ජය මාවත කම්කටොලූ
පිරි කටු ලැහැබක් නොම වේ

පැරණි කියුම්
පැරණි විකුම්
ගුණ වැනුමට නඟලා
අප රවටන්
රට රවටන්
බොදු කිතු දම් හලලා

දිව පිනවන්
කන පිනවන්
විලාසිතා ඇඟ ලා
නටන නැටුම් කෙළවර වෙයි
නිරා දුකට වැටිලා

දිවි තවලම පෙරට යතී
කෙම් බිම් ළඟ ළඟම ඇතී
ජය මාවත මල් ඇතුරූ
සුව යහනක් නොම වේ

ගිරි හෙල් කඳු ශිඛර ඇතේ
කෙත් මිටියාවත් හමුවේ
ජය මාවත කම්කටොලූ
පිරි කටු ලැහැබක් නොම වේ

මුසාවකින්
මුලාවකින්
සිත රැවටෙන්න එපා
වහල් සිතින්
බියෙන් සැකෙන්
වත ගොළු වෙන්න එපා

උදාර වූ
මිනිස් ගුණේ
වැනසී යන්න එපා
වලාකුළේ කඩා වැටෙන්
සඳ අහුරන්න එපා

දිවි තවලම පෙරට යතී
කෙම් බිම් ළඟ ළඟම ඇතී
ජය මාවත මල් ඇතුරූ
සුව යහනක් නොම වේ

ගිරි හෙල් කඳු ශිඛර ඇතේ
කෙත් මිටියාවත් හමුවේ
ජය මාවත කම්කටොලූ
පිරි කටු ලැහැබක් නොම වේ

ගායනය - විජය කුමාරතුංග සහ මාලිනී බුලත්සිංහල
පද හා තනුව - උපාලි අත්තනායක

No comments: