Thursday, March 21, 2019

ආදරය පමණක්ද

ආදරය පමණක්ද ජීවිතය නැගණියේ
ජීවිතේ කෙතෙක් දුර ඇතිද තව ඉදිරියේ

ප්‍රේමයේ අරුත මට කියා දුන්නේ ඔහුය
ලැබූ ඒ පෙමින් තොර ලොවක් ගැන නොසිතුවෙමි

මුළු ලොවම ඔහු විනැයි සිතා සිටියෙමි නිබඳ
මගේ ලොව ඔහු වටා මැවෙයි දවසින් දවස

දනිමි ඔහු එවන් ලොව බිඳ දමා ගිය පුවත
උරුම වී ඇත ඔබට පෙමින් සිදුවන විපත

ආදරය පමණක්ද ජීවිතය නැගණියේ
ජීවිතේ කෙතෙක් දුර ඇතිද තව ඉදිරියේ

ප්‍රේමයේ අරුත මට කියා දුන්නේ ඔහුය
ලැබූ ඒ පෙමින් තොර ලොවක් ගැන නොසිතුවෙමි

සැඳෑවක උයන් තෙර රැඳී ඔහු උණුසුමේ
නිවී සැනසුණ පැයක ලොවම අමතක කළේ

ඔබට අමතක වුවත් ලොවට ඔබ මතක ඇත
නෙතේ කඳුළැලි නිවා යළිත් හිනැහෙනු මැනවි

ආදරය පමණක්ද ජීවිතය නැගණියේ
ජීවිතේ කෙතෙක් දුර ඇතිද තව ඉදිරියේ

ගායනය - විජය කුමාරතුංග සහ මාලිනී බුලත්සිංහල
පද - කුලරත්න ආරියවංශ
තනුව - රෝහණ වීරසිංහ

No comments: