Thursday, March 21, 2019

අනේ පුංචි කාලිදාස

ආ.. ආ..... ආඅඅආ... ආආඅආ.....

අනේ පුංචි කාලිදාස
ගොත ගොතා කියන ප්‍රේම කතා
අහන් ඉන්න බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ

නදී තෙරේ වන තීරේ මල්ගොමු අතරේ
ලතා මඬුලු වියන් බැඳන් ප්‍රේම ජවනිකා
ප්‍රමෝදයේ මනෝරංග සිහින අපූරුයි

අනේ පුංචි කාලිදාස
වන දඩයම් එන කුමරුන්
වන තීරේ ගස් කපලා
හරිම ග්‍රීෂ්මයි

අනේ පුංචි කාලිදාස
ගොත ගොතා කියන ප්‍රේම කතා
අහන් ඉන්න බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ

අනේ එපා පේරැස් මුදු ගඟේ වැටේවී
කිරුළු පළන් කන්‍යාවී හඬා වැටේවී
මැදුරේ ගිණි දොරටුව ළඟ හිත ඇවිලේවී

අනේ පුංචි කාලිදාස
කාලය ඉගිලිලා ගිහින්
පේරැස් මුදු ගිලින මසුන්
මැරීම තහනම්

අනේ පුංචි කාලිදාස
ගොත ගොතා කියන ප්‍රේම කතා
අහන් ඉන්න බෑ
මට සකුන්තලා වෙන්නට නම් බෑ

මට සකුන්තලා වෙන්නට නම් බෑ

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ප්‍රේමසිරි කේමදාස

2 comments:

Colombus Notes said...

මේ ගීතයේ අර්ථය පළ කළ හැකි නම් බොහෝ ප්‍රයෝජනවත්... ස්තුතියි !

Gee Arana ගී අරණ said...

ගීයේ අර්ථය පල කරන්නැයි ඔබ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්න නොහැකි වුණේ කාර්ය බහුලත්වය නිසා. මම මේ අඩවියට එබිකම් කළේ මාස හතරකට විතර පස්සෙ.

ඔබේ පැනයට වඩාත්ම සුදුසු පිළිතුර ලූෂන්ගේ ම වචන වලින් ඉදිරිපත් කිරීම යෙහයි කියල මට හිතුනෙ, ගීය ගැන ඔහු විසින් කළ විවරණය සැෙනකින් මා සිත අවදි ව දිග හැරුණු නිසා.

ඉදින්, ලූෂන් 2004 වර්ෂයේ නිකුත් කළ "සෙවනැලි නොමැකේනම්" ඔහුගේ කෘතියෙන් උපුටා ගත් කොටසක් මෙහිලා පල කරනවා.

උපුටා ගැනීම

"ඇස් වලින් දැක ගන්නට නැති කාලිදාසයන්ගේ "සාකුන්තල" නාට්‍යය කියවා හෝ රස විඳින රසවතුන් සොයා ගන්න එක, මේ කාලයේ කස්තුරි කළුනික හොයනවා වගේ වැඩක් තමා. ඒ නිසා සකුන්තලා ගැන, දඩයමේ එන කුමාරවරු ගැන, පේරැස් මුදු ගිලින මාළුන් ගැන, මේ ගීතයෙන් නංවන ධ්වනිතාර්ථ කෙනෙකුට නොවැටෙහන්නත් පුළුවන්. එහෙම වුණා කියල කවියා සෞන්දර්ය හා බැඳුණු අතීතය අමතක කරන්ෙන නැහැ. කන්‍යා වනාන්තරේ අසිරියත් ඒ වන මැද පිපුණු මානව ප්‍රේමයත් සැබැවින්ම වර්තමාන වාණිජ ලෝකය වනසා දමා අවසන්. ඒ නිසා අද කාලිදාසගේ ප්‍රේම කතාවේ සකුන්තලා වෙන්න කිසිම තරුණියක් කැමති වෙන්නෙ නැහැ. අද වන දඩයමේ එන කුමාරවරු එදාට වඩා බිහිසුණුයි. වන තීරේ ගස් ටික කපලාම ග්‍රීස්මයත් වැඩියි. නදී තෙර මල් ගොමු, ලතාමඬුලු අද හුදු සිහින පමණයි. අද සකුන්තලාට බොරැ පොරොන්දු දෙන පේරැස් මුදු වලින් වැඩක් නැහැ. ඒවා ගඟේ ගියා වගේ වෙන විත්ිය ඈ දන්නවා. ඒ මොකද කුමාරවරු ඉන්න මැදුරු දොරටු අද ගිනි අරන්. ඒ නිසා ඒවා ඉස්සරහපිට අඬන්න ළතැවෙන්න ඉඩක් නැහැ. පේරැස් මුදද කියන්නෙ රාජකීයත්වයේ ලාංඡනය. සකුන්තලාට දුෂ්මන්ත රජතුමා දීපු පේරැස් මුද්ද ගඟේ වැටිල මාළුවෙක් ඒක ගිල්ලා. ඒ මාළුව මරපු මාළුකාරයා මාළුවගෙ බඩේ තිබුණ පේරැස් මුද්ද අරන් රජතුමා ළඟට ආවමයි රජතුමාට සාපයකින් අමතකව ගිය සකුන්තලාව අායෙ මතක් වුණේ. ඒත් අද නම් රාජකීයත්වය ගිලගත්තු මාළුවෙක්වත් මරන්න බැරි නිසා අද සකුන්තලාට ඒ වාසනාවත් නැහැ කියලයි මේ ගීයෙන් කියන්නෙ."

උපුටා ගැනීම නිමයි.