වසන්ත සමය ඇවිත් සිරිපා කරුණා කරණ්ඩ
අපටත් කතා කරයි
රන්වන් සමනල සේනා
සමනල ගිරට උඩින්
වැඩුණත් හද බැඳි පෙම් ...//
ශිවනඩි පාදම් වඳින්න මැණිකේ
අවසර වේන්ඩුම්
සමනල කන්ද නුඹයි
සීතල ගඟුල මමයි ...//
කුංකුම පොට්ටු තියා කෝවිල් බිමට වැටෙන්නම්
රජ හිස කිරුළ මමයි
කරුළ'ග මැණික නුඹයි ...//
කුංකුම පොට්ටු තියා පැළඳ ගන්න
මැණිකේ අවසර වේන්ඩුම්
වසන්ත සමය ඇවිත් සිරිපා කරුණා කරණ්ඩ
අපටත් කතා කරයි
රන්වන් සමනල සේනා
සමනල ගිරට උඩින්
වැඩුණත් හද බැඳි පෙම් ...//
ශිවනඩි පාදම් වඳින්න මැණිකේ
අවසර වේන්ඩුම්
අතිනත් බැඳී පෙමින්
මහගිරිදඹ නගිමින් ...//
හිමගිර උස බලන්න සමන් දෙවි කරුණාවයි
කුලගෙයි සිරිත ලෙසින්
නිළමෙගෙ හිතත් අරන් ...//
මහගිරිදඹේ යන්න ශිවම් නිරිඳු
මැණිකේ අවසර වෙන්නම්
ගායනය - නීලා වික්‍රමසිංහ සමග මෝහන් රාජ් මුත්තුසාමි
පද - පූජ්‍ය වත්තේවැවේ ධම්මානන්ද හිමි
තනුව - නීලා වික්‍රමසිංහ
No comments:
Post a Comment