Thursday, August 22, 2019

රන්වන් එරන් මාල


රන්වන් එරන් මාල ගෙලටත් අරන් දෙන්න
ඉඳුනිල් මැණික් තෝඩු කණටත් අරන් දෙන්න
මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවී
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

ලවන ආලේප විලවුන් අරන් දෙන්න
මල් මල් දුහුල් සාරි සළු පිළි ගෙනත් දෙන්න
අභිමාන බැල්මෙන් සැරසී සිටින්නම්
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

රන්වන් එරන් මාල ගෙලටත් අරන් දෙන්න
ඉඳුනිල් මැණික් තෝඩු කනටත් අරන් දෙන්න
මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවී
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

මගෙ යෙහෙළියන්ටත් ඔරවා බලන් ඉන්න
අත් වැල් බැඳන් එන්න මල් වත්තෙ ඇවිදින්න
තිර තාරකාවන් අප වාගෙ නේදෝ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

රන්වන් එරන් මාල ගෙලටත් අරන් දෙන්න
ඉඳුනිල් මැණික් තෝඩු කනටත් අරන් දෙන්න
මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවී
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


චිත්‍රය ජයසිරි සේමගේ ශිල්පියාගේ නිර්මාණයකි.



Ranwan Eran Maala - Amara Ranathunga

3 comments:

Unknown said...

I like this song. I practice it. Thank you very much. I was searching for this song

Gee Arana ගී අරණ said...

You are welcome 🙏 .Stay with "Gee Arana".

Gee Arana ගී අරණ said...

Do you want to download this song? Send your google mail address to pinthaliyasongdata@gmail.com 🎸 or message to the same, I will allow you permission to enter the location where the files are stored. Lyrics of all songs posted in this site embedded to the audio file. The site is always kind enough to give you the help you need. Thanks.