Thursday, August 22, 2019

පාළු පැලේ මට තනි නෑ


පාළු පැලේ මට තනි නෑ හිමියනේ
හිත සංකා ගන්න එපා හිමියනේ

විදුලි අකුණු මේඝ වලා
එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන්
මෙතෙර දකින්නයි

බාධක දුක් දුරු වීලා
ගිය කාරිය හරියනවා
මගෙ දෙයියෝ උදනැක්කේ
වෙරළ දිගේ ගෙට එනවා

පාළු පැලේ මට තනි නෑ හිමියනේ
හිත සංකා ගන්න එපා හිමියනේ

විදුලි අකුණු මේඝ වලා
එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන්
මෙතෙර දකින්නයි

කිඳුරු ලියන් දුටුවෝතින්
මා අමතකවන්න එපා
වාසි නැතත් හිමි සඳිනේ
වැඩි ඈතට යන්න එපා

පාළු පැලේ මට තනි නෑ හිමියනේ
හිත සංකා ගන්න එපා හිමියනේ

විදුලි අකුණු මේඝ වලා
එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන්
මෙතෙර දකින්නයි

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග

Paalu Pele Mata Thani Ne - Amara Ranathunga

No comments: