රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
සාලිය මාලා ගාමිණි චිත්‍රා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
අප පෙම හමුවේ
ඔවුන් ළදරුවෝ
ආදරයේ
රන් කිරි කට ගෑ
පියවි ලොවේදී ඇතිවන තුරු අපි සිනාසෙමූ
සීන ලොවේදී රෑ තුන්යම අපි සිනාසෙමූ
ගතින් නොබැඳුනත් දිවිය පුරා අපි සිනාසෙමූ
සිනාසෙමූ
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
අරුණලු සිඹ සිඹ සූර්යකාන්ත මල සිනාසෙතේ
සඳකැන් සිඹ සිඹ කොඳ මල සඳ හා සිනාසෙතේ
හිරු සඳු කුමටද අප හද මල් ඉති සිනාසෙතේ
සිනාසෙතේ
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
සාලිය මාලා ගාමිණි චිත්‍රා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - චන්ද්‍රසේන රංගේ
තනුව - සරත් ද අල්විස්
Radha Krishna - Amara Ranathunga

No comments:
Post a Comment