Wednesday, August 21, 2019

ඒ උපුලී කවුදෝ


ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ ...//

නෑසියෙකුදු නෑ
යෙහෙළියකුදු නෑ
දන්නා තරමින්
කවරෙකු හෝ නෑ

අප වෙනුවෙන් ඔබ ඩා බිඳු හෙළනා
අට හෝරාවේ ඔබ හද යා වූ
ජීවමාන ලියතඹරාවක් දෝ
ඒ උපුලී
ඒ උපුලී

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ

උපුලී උපුලී
ආදර උපුලී
එළිවෙන තුරු ඔබ දෙඩුවා මතකයි

පුතු සමගින් මහ මඟට බසින්නට
භයංකාරයේ මඟ හෙලි පෙන්වන
මන මෝහන වූ සලෙල ලියක් දෝ
ඒ උපුලී
ඒ උපුලී

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී ...
කවුදෝ ...

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - චන්ද්‍රසේන රංගේ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


මුල් ගීය



 පැරණි ගීය වඩා හොඳ ශ්‍රවන ගුණයෙන්

පහත ඇත්තේ එම ගීයේ පසු කලෙක ගායනයකි.
එහි පද වැල පහත ආකාරයෙනි.


 

Rap Part

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ ...//

Rap Part

නෑසියෙකුදු නෑ
යෙහෙළියෙකුදු නෑ
දන්නා තරමින්
කවරෙකු හෝ නෑ

Rap Part

අප වෙනුවෙන් ඔබ ඩා බිඳු හෙළනා
අට හෝරාවේ ඔබ හද යා වූ
ජීවමාන ලියතඹරාවක් දෝ
ඒ උපුලී
ඒ උපුලී

Rap Part

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ

Rap Part

උපුලී උපුලී
ආදර උපුලී
එළිවෙන තුරු ඔබ දෙඩුවා මතකයි

Rap Part

පුතු සමගින් මහ මඟට බසින්නට
භයංකාරයේ මඟ හෙලි පෙන්වන
මන මෝහන වූ සලෙල ලියක් දෝ
ඒ උපුලී
ඒ උපුලී

Rap Part

ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬවූ
ඒ උපුලී කවුදෝ ...//

No comments: