Thursday, August 22, 2019

තනිපංගලමේ


තනිපංගලමේ යන්න බයයි මට
කනත්ත ළඟ පාරේ
ඉස්සර නම් ඔබ
මා ඇරලන්නට
එනවා හැම වාරේ
එනවා හැම වාරේ ...//

අප හඳුනාගත් දිනවල වාගේ
කතාකරන්නේ නෑ
හිනැහෙන්නේවත් නෑ
ආදරයක් ඇතිවද මන්දා
මා වරදක් කෙරුවද මන්දා

තනිපංගලමේ යන්න බයයි මට
කනත්ත ළඟ පාරේ
ඉස්සර නම් ඔබ
මා ඇරලන්නට
එනවා හැම වාරේ
එනවා හැම වාරේ

නිතරම අප මුණගැසෙන නිසාදෝ
මා දෙස නොබලන්නේ
ඇයි මා රිදවන්නේ
මා අගයක් නැතිවද මන්දා
මා ලස්සණ මදිවද මන්දා

තනිපංගලමේ යන්න බයයි මට
කනත්ත ළඟ පාරේ
ඉස්සර නම් ඔබ
මා ඇරලන්නට
එනවා හැම වාරේ
එනවා හැම වාරේ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය ප්‍රණීත් අබයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


Thanipangalame - Amara Ranathunga

No comments: