Thursday, August 22, 2019

මල් විය හැරදා



මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

පියමං වී ගිය කාලය පසු පස
බාල වියේ සිට සෙවණැල්ලක් සේ
සසර පුරා ඔබ ආ බව මතකයි
කඳුළු ගඟෙන් ගොඩවී
ඉවුර දිගේ ළතැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

වල්මත් වූ සිත හැඬුම් නොදේවා
සිහිනෙන්වත් ඔය හදට ඇදෙන සේ
මතකය පෑරී භවයෙන් භවයට
විරහ කඳුළු මතුවී
විහඟ තුඩක ලියැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - උපාලි ධනවලවිතාන
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

පසු කලෙක කළ ගායනයක්.
Mal Viya Herada - Amara Ranathunga

No comments: