Tuesday, September 22, 2020

සන්ධ්‍යාවෙ ශ්‍රීය

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා…//
අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා
රශ්මි ධාරා
සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

ඈත උසට කඳු පර්වත සැම අතින් පෙනෙන්නා
නෙත් පිනන්නා
අහසෙ දුවන සිනිඳු වලා කන්දේ හැපෙන්නා
වැළඳ ගන්නා

සූර්යා ද අපට ඉඟි බිඟි පානා
හකුලා ධාරා…//

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා
පුෂ්ප කුසුම් මිශ්‍ර සුළං දසතින් හමන්නා
ගිම් නිවන්නා
දිනිඳු දුවයි සැඟවි ගන්ට සාගරේ වැදීලා
වෙහෙස වීලා

අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා
රශ්මි ධාරා
සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

ගංගා සැමා යයි ගලා සාගරේ වෙතා…//

එ ජල කඳා ගනි වැළඳා සමුදුරේ වැදා
පෙම් ජලේ ගැලීලා
නාමු ‍ප්‍රේම ධාරා
පෙම් ජලේ ගැලීලා
නාමු ‍ප්‍රේම ධාරා
ඒ ඉතා වේ ප්‍රියා

ගායනය - රුක්මනී දේවි සහ ස්ටැන්ලි මල්ලවාරච්චි
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව - නෞෂාද් අලි
සංගීතය - ආර්. නාරායන් අයියර්
චිත්‍රපටිය - කඩවුණු පොරොන්දුව 1947

1944 දී තිරගතවූ "Rattan" හින්දි චිත්‍රපටියට, Zohrabai Ambalewali ගැයූ "Pardeshi Balma Badal Aaya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගී පද
pardeshi balma badal aaya
pardeshi balma badal aaya
tere bin kachhu na bhaya ke jiya jaya
tere bin kachhu na bhaya ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

aise na beet jae balam jawaniya ho jawaniya
aavo tumhe sunae dil ki kahaniya ho kahaniya
dil raat din pukare haye aa ke jiya jaya
dil raat din pukare haye aa ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

nain bhar aayenge more jiya dole na ho dole na
bhul hai kisi se kabhi metha bol bolna bol bolna
rah rah ke teri yaad aaye aa ke jiya jaya
rah rah ke teri yaad aaye aa ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

garaj rahe badalwa bijali muskat hai muskat hai
aise me ruth ruth jana buri baat hai buri baat hai
fisle ye jiya tal malaya ke jiya jaya
fisle ye jiya tal malaya ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

Singer - Zohrabai Ambalewali
Lyricist - D.N. Madhok
Composer - Naushad Ali
Movie - Ratan (1944)

No comments: