ඉස් ඉස්සරවෙලා උඹව මම
දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ…//
දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ
උඹත් ආදරෙ ද දැම්මම කියපන්
ඇයි මේ මාර්ගෙ කොලොප්පන්
ලැජ්ජා නැද්ද මනප්පු අයියේ ....//
මට ලැජ්ජා හිතෙනව මනප්පු අයියේ
පාරේ මේ මිනිස්සු එනවා
මම දැන් යනවා මනප්පු අයියේ…//
ඉතින් උඹට බෑ තනි මග යන්නට
තනියට එනවා මනප්පුවා…//
කුලප්පු වෙන ඔය මනප්පු නැතිවට
පාරේ යාමට මට කිසි බය නෑ…//
මින්පසු දෙන්නගෙ කලබල හොඳ නෑ
පස්සට යන කල හිතා ගමු…//
පස්සට යන කල හිතා ගමු
අපි අවුල් නොවී ප්‍රේමෙන් වසමු…//
ගායනය - එඩී ජයමාන්න සමග ජෙමිනි කාන්තා
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්
චිත‍්‍රපටය - කඩවුණු පොරොන්දුව 1947
(කඩවුණු පොරොන්දුව චිත‍්‍රපටයේ සියළුම ගී වල තනු හින්දි හෝ ද්‍රවිඪ ගී වලින් උපුටා ගත් ඒවා වේ.)
No comments:
Post a Comment