Thursday, October 6, 2016

ලස්සන ලෝකෙක ඉපදීලා

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ ....//

ජීවන බරකින් පැටලීලා
නෑ නෑ වෙන්නෙ මුලා ....//
හිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ //

දුක සැප කිර කිර බල බලා
ඇතමුන් දිව රෑ තැවේ
ඵල නැත හෙට ගැන සිත සිතා
හිනැහෙනු ලස්සන ළඳේ
උපනත් කුමට ද රජවී
හඬ හඬ ඉන්නට සිදු වී
විනෝද දහනක අපි ඉන්නේ
රහයි ජීවිතේ

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ ///

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය සරත් දසනායක

1974 දී තිරගත වූ කස්තුරි සුවඳ චිත්‍රපටියේ ගීයකි.

No comments: