Saturday, May 25, 2019

ඉස්සර ආදි කාලෙ

ඉස්සර ආදි කාලෙ වයල වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිල රාග කීවෙ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

හැඩ වැඩ සායෙ හැට්ටෙ බොස්තැරැක්කයේ
ස්සන තවම පේනවා
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආස හිතෙනවා

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

ට්‍රෑන්ගල් කොන්ගො බොන්ගො බැන්ජො බානේ
නාදය තවම ඇහෙනවා
අලුතෙන් නැතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

පෙරසිට පැවතෙන රස පද තවම තියේවී
කලියුග කාල මේ අපේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ

හා කැපර්මින්ය මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයලා (හා)
ලලයි ලාල කියමු නටාලා

ගායනය - කීර්ති පැස්කුවල් සහ පිරිස
පද - ධර්මරත්න පෙරේරා
නාද සිත්තම - මිල්ටන් පීරිස්

පැරණි ගීය

නව ගායනයක්

1 comment:

Unknown said...

පෘතුගීසි ආභාසයෙන් ලැබුණු බයිලා තාල කිහිපයක නම්: කැෆර්, මිඤ්ඤමායි, බනාජී, බැගර්, දවොන ජිවාජී ...
ඒ වචන ටික තමයි මේ ගීයේ හදවත.