Saturday, May 25, 2019

උදයේ පිපෙනා

උදයේ පිපෙනා
මලකින් හමනා
නැවුම් සුගන්ධයක් ද මේ
රහසේ මුමුණා
හෙමිහින් ඇදෙනා
සිහිල් පවන් රොදක් ද මේ .....//

වසන්තේ
දැන් ඇවිත් ඉතින් අලුත් සුපෙම් වසන්තේ
දසන්තේ
සුබ දසුන් මැවේ මැවේ දසන්තේ ....//

දිවියේ තිබෙනා
ළතැවුල් නිවනා
පහන් හැඟුම් මටත් දැනේ
සෙනෙහේ දැනුණා
ඔබගෙන් අද මා
උපන්නෙමී යළිත් ලොවේ ....//

වසන්තේ
දැන් ඇවිත් ඉතින් අලුත් සුපෙම් වසන්තේ
දසන්තේ
සුබ දසුන් මැවේ මැවේ දසන්තේ ....//

රිදී සිනා ගලා
පැතූ ලෙසින් මෙමා
මගේ ම යයි කියා
හැමදාමත් මා ගාවින් ඔබ ඉන්න සැනසීලා ....///

ගායනය - කීර්ති පැස්කුවල්
පද - හේමසිරි හල්පිට
නාද සිත්තම - මහින්ද බණ්ඩාර

No comments: