පන්සල හන්දියේ
ටියුෂන් පංතියේ
පාට පාට සමනළ රෑනයි
ශිල්ප උගැන්මට
තරඟ වදින්නට
පේළි පේළි පෙරහැර ආවයි ..//
පාට සරුංගල් සේම සැහැල්ලුව
ආල හැගුම් මැද ශිල්ප සදා
උගත මනා ශිල්පයම වටී සතුරන්ටත් සොරකම් කළ නොහෙනා
පන්සල හන්දියේ
ටියුෂන් පංතියේ
පාට පාට සමනළ රෑනයි
ශිල්ප උගැන්මට
තරඟ වදින්නට
පේළි පේළි පෙරහැර ආවයි
හෝරා බල බල
කාසි පණම් මැද
මනුස්සකම නැති ගුරු දෙවියන්
මනසින් මොහොතක්
හිතුවොත් යහපති
සල්ලි නොවේ මේ මගෙ දරුවන්
පන්සල හන්දියේ
ටියුෂන් පංතියේ
පාට පාට සමනළ රෑනයි
ශිල්ප උගැන්මට
තරඟ වදින්නට
පේළි පේළි පෙරහැර ආවයි
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධර්මරත්න පෙරේරා
තනුව - සමන්ත පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment