Monday, April 6, 2015

ඔබ වාගෙ සුදු රෝස කුසුමක්

ඔබ වාගෙ සුදු රෝස කුසුමක් සොයා
මල් උයන පීරා ගියා
ඔච්චම් කරන්නේද ඔබ දැන් ප්‍රියේ
මං රෝස මලකැයි කියා ...//

මනමාල නෙතු දීප්ති බැල්මේ පවා
පොපියාවි ඇදිලා නුරා පෙම් හැඟුම්

ඉඳු නීල මගෙ දෑස මනමාල නෑ
රිදවූවොතින් යන්න යනවා ඉතින්

ඔබ වාගෙ සුදු රෝස කුසුමක් සොයා
මල් උයන පීරා ගියා
ඔච්චම් කරන්නේද ඔබ දැන් ප්‍රියේ
මං රෝස මලකැයි කියා

මල් පොකුරු දෑතින් පුරෝලා අරන්
ඔබෙ සේද පා පුංචි සරසන්නෙදෝ

අද වාගෙ හැම ජන්මයෙන් ජන්මයේ
මට ළංවෙලා මෙහෙම ළඟ ඉන්නකෝ
සංගා හැඟුම් මේ ආදරේ
ආනන්ද පෙම් ගීතයේ

ඔබ වාගෙ සුදු රෝස කුසුමක් සොයා
මල් උයන පීරා ගියා
ඔච්චම් කරන්නේද ඔබ දැන් ප්‍රියේ
මං රෝස මලකැයි කියා ...//

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - නිමල් ජයකොඩි

No comments: