ඔබ ඉන්නවනම් වලාකුළේ
පාවි පාවි සුළං රොදේ
හසුන එවමි සරුංගලේක
පියාඹන්න තටු නැති දාක
ඉර හැංගි හැංගි කඳු යායක
විදුලි කොටන හැන්ඳෑවක
වැස්සක් වී බිමට බහින්න
ආසයි ඒ වැස්සෙ තෙමෙන්න //
පිනි බිංදු වැටෙන සඳපානක
මන් එන්නම් කඳු මුදුනට
එනවද ඒ කන්දෙ හැපෙන්න
ආසයි ඔය මුහුණ සිඹින්න
//
ඔබ ඉන්නවනම් වලාකුළේ
පාවි පාවි සුළං රොදේ
හසුන එවමි සරුංගලේක
පියාඹන්න තටු නැති දාක
ආසයි ඔය මුහුණ සිඹින්න
ආසයි ඒ වැස්සෙ තෙමෙන්න
එනවද ඒ කන්දෙ හැපෙන්න
ආසයි ඔය මුහුණ සිඹින්න
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව - දර්ශන රුවන් දිසානායක
No comments:
Post a Comment