Wednesday, September 30, 2020

රසයි කිරි

රසයි කිරි නෑ දියාරූ
ගතයි සිතයි පිනා ....//
දෙමී අවොත් මගේ කිරි
සුදූ
දෙමී ආවොත් මගේ කිරි
ගනිත් හුඟක් දෙනා සුදෝ
ගනිත් හුඟක් දෙනා

ස්ත්‍රියත් වටී කිරී පැණී තිබේ මේ ළඳේ එනු එනු මෙහෙ
නැතේ පැණි ළඳේ කිමා
හා ඒ
කිරී වගේ සුදයි සුදා
රටක් වටී නුඹේ කිරී නඟෝ නොවෙන් කෝපා
මගෙ නඟෝ නොවෙන් කෝපා

නිවෙයි නිවෙයි මගේ හදා නඟෝ නොවෙන් කෝපා
මගෙ නඟෝ නොවෙන් කෝපා

නෑ නෑ නෑ නෑහ්.....
ඉරත් බැහී යාවි අනේ හුඟක්ම රෑ වුණා //

ගෙයත් අපේ දුරයි අනේ මටත් තනියි වගේ අනේ
මටත් තනියි වගේ ....//

ප්‍රීති ජලේ නා
ප්‍රීති ජලේ නා කන්ට කිරි
දෙන්කො සිරිකතේ
කිරී දෙන්කො සිරිකතේ

යමී යමී යමී මෙමා නෑ වෙනසක් සිතේ මගේ
නෑ වෙනසක් සිතේ

ප්‍රේමී හැරා නොයන් අනේ
සිත් නළවයි රූපෙ ඔබේ වෙන්කො නඟෝ

වෙන්කො නඟෝ ප්‍රේමී
වෙන්කො මගේ ස්වාමී

ජීවන සුපෙම් ගඟේ ගිලී
ගිලී පීන පීනා
ගිලී පීන පීනා ....//

ප්‍රීතියි 
කමුකො කිරී සමග පැණී
ඉතින් ප්‍රීති පානා
කමුකො කිරී සමග පැණී
ඉතින් ප්‍රීති පානා

ගායනය - ඩබ්.ඩී. අමරදේව (එවකට ඩබ්.ඩී. ඇල්බට් පෙරේරා) සමග සිරිමතී වෙත්තසිංහ
පද - යූ.ඩී. පෙරේරා
සංගීතය - මොහොමඩ් ගවුස්
තනුව - පන්කජ් මලික්
තනුව උපුටා ගනෙ ඇත්තේ 1943 දී තිරගතවූ "Kashinath" නම් බෙංගාලි චිත්‍රපටියට අසිත් බාරන් සහ බෙලා මුකර්ජි ගැයූ "Ebar Tobe Korbo" නමැති ගීයෙනි.

1945 දී එන්. පොරෝලිස් ප්‍රනාන්දු සමාගම විසින් බෙදා හරින ලද, කොළොම්බියා ගීත පොතෙහි ඉහත ගීතය හදුන්වා දීමේදී ඇල්බට් පෙරේරා තරුණයාගේ සහ වෙත්තසිංහ තරුණියගේ ගායනයෙහි දක්ෂතාවයන් පිළිබඳව මෙසේ වර්ණනා කර ඇත. 
උපුටා ගැනීම
“ගායනා තරඟයන්ගෙන් රන්පදක්කම් ලත් සිරිමතී වෙත්තසිංහ නෝනා සහ චිත්‍රකලාවේ ගායන විශාරදයෙකු වූ ඇල්බට් පෙරේරා තරුණ මහතාගේත් මේ ගායනය වර්තමාන ඨුම්රි ගායකයන් ගේ ගීත වලට වඩා සෑම අතින්ම උසස් වේ”.
උපුටා ගැනීම නිමයි.


Ebar Tobe Korbo බෙංගාලි ගීතය


No comments: