රන මොණරයි රන මොණරියි විලාසේ
රන තිසරයි රන තිසරියි විලාසේ ...//
එක් නූණයි වෙන් වූවයි මොටදෝ ඔබ තැවෙන්නේ
හඳපානේ එක මල දෝ පිපෙන්නේ
තරු රෑනේ එක තරුවද දිලෙන්නේ
පෙම පරදී කවුදෝ ලොව අඬන්නේ
රන මොණරයි රන මොණරියි විලාසේ
රන තිසරයි රන තිසරියි විලාසේ
ඔබෙ දෑතයි ඇගෙ දෑතයි පටලාලා අමා වේ
සැතපීලා වෙරළේ පෙම් ළවැල්ලේ
රස මුසු බස් දොඩාලා
මා ඔබගේ කියාලා ...//
කී දේ එම මොහොතේමය මැකෙන්නේ
පෙම් පාලා කවුදෝ ලොව දිනන්නේ
සීතාවන් නෑ මේ ලොව උපන්නේ //
හඳහාමියි නිල් අහසයි සමවූ ඒ අතීතේ
යළි ඒ දෝ පැතු දේ නෑ ලැබෙන්නේ
නෙත කඳුළින් පුරාලා
අනුවණ වී හඬාලා ...//
නෑ නෑ ඵල සෝකේ ඇයි වෙලෙන්නේ
යෞවනයේ මල් නෙළුමට වරෙන්නේ
සීතාවන් නෑ මේ ලොව උපන්නේ //
රන මොණරයි රන මොණරියි විලාසේ
රන තිසරයි රන තිසරියි විලාසේ ...//
රන තිසරයි රන තිසරියි විලාසේ //
ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
රන තිසරයි රන තිසරියි විලාසේ ...//
එක් නූණයි වෙන් වූවයි මොටදෝ ඔබ තැවෙන්නේ
හඳපානේ එක මල දෝ පිපෙන්නේ
තරු රෑනේ එක තරුවද දිලෙන්නේ
පෙම පරදී කවුදෝ ලොව අඬන්නේ
රන මොණරයි රන මොණරියි විලාසේ
රන තිසරයි රන තිසරියි විලාසේ
ඔබෙ දෑතයි ඇගෙ දෑතයි පටලාලා අමා වේ
සැතපීලා වෙරළේ පෙම් ළවැල්ලේ
රස මුසු බස් දොඩාලා
මා ඔබගේ කියාලා ...//
කී දේ එම මොහොතේමය මැකෙන්නේ
පෙම් පාලා කවුදෝ ලොව දිනන්නේ
සීතාවන් නෑ මේ ලොව උපන්නේ //
හඳහාමියි නිල් අහසයි සමවූ ඒ අතීතේ
යළි ඒ දෝ පැතු දේ නෑ ලැබෙන්නේ
නෙත කඳුළින් පුරාලා
අනුවණ වී හඬාලා ...//
නෑ නෑ ඵල සෝකේ ඇයි වෙලෙන්නේ
යෞවනයේ මල් නෙළුමට වරෙන්නේ
සීතාවන් නෑ මේ ලොව උපන්නේ //
රන මොණරයි රන මොණරියි විලාසේ
රන තිසරයි රන තිසරියි විලාසේ ...//
රන තිසරයි රන තිසරියි විලාසේ //
ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
No comments:
Post a Comment