හරියයි අපි ආපු වැඩේ
ගමේ ගොඩේ ඉන්න තරම්
තරුණ ගැටව් කෝපි කඩේ
හැළප තලප කැවුම් කොකිස්
ආස්මි අතිරස අතිරහ කෑමට
ගලප ගලප විරිඳු කියමි
කෝපි කෝප්පය බීමට
රඹ කිඳ කිඳ රබන් කිකිඳ
අණ්ඩක් නැති ලණු දිරච්ච
පුටු දෙකකට බලියාගෙන
නින්දක් නිදි ටයිගරයා
හොම්බේ දැලි තවරා ගෙන
හබුන් කටයි බත් දෙකටයි
කෙකර ගගා දඟල දඟල
දුම් දමනව බොයිලේරුව
හැකර කටක් බුලත් කකා
ඇද බානව කයිවාරුව
කෙක් කෙක් කෙක් කෙකර ලියා
හදිස්සියට සීනි නොදැම්මත්
පැණි රහ නම් දැනෙනව
ළමිස්සියන් හදන කෝපි
බිව්වම ඇඟ පාට වෙනව
හැබැයි හැබැයි බොරුත් හැබැයි
රූපිකාවො මැද තිබ්බත්
හොඳට හැඩයි ඇහැට කනට
සාපින් කෑවත් නැතුවත්
බණ්ඩිය පිරෙනවා පිනට
පැන පැන දෙයි දෙන දෙයියෝ
ඇසිල්ලකට වත් නෑ මේ
බංකු කොටේ හිස් වන්නේ
කෙසෙල් පතනෙ කවුන්සලය
කෝපි කඩෙයි රැස්වෙන්නේ
බුලත් හපයි දුටත් සැපයි
සණ්ඩු කරන්නේ මොකටද
කට කෑවත් කවි මාගේ
වණ්ඩු ආප්පය බලන්න
පාණ්ඩු හැදිලා වාගෙයි
ඇත්ත කියා පැත්ත කන්න
ළමිස්සියකි ජොහයියාගෙ
දෝනියැන්දැ නොගිය දීගෙ
මිරිස් කරල වගේ සැරයි
ලස්සන ගිනි කිකිළි වාගෙ
හිනාවටම බඩ පිරෙනව
බොහොම ජයයි ජාවාරම
සරස්වතිය ළඟට වඩී
මෙහෙම ගෑනු ළමයි ඉන්න
කඩපිල්වල මැස්සො වැඩී
මදුරුවො බෝ වෙන්නෙ නැද්ද
සබේ බොහොම ජය කාරයො
අද ඉන්නා බව දන්නව
සතේ පටන් රිදී කාසි
දුන්නොත් අපි පිළිගන්නව
සල්ලී දෙයියන්ගෙ මල්ලි
ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
No comments:
Post a Comment