Thursday, July 25, 2019

අනේ ඩිංගක් ඉන්නකෝ

අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ


අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ ...//

පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී ...//

දණක් මඩයේ එරි එරී
එදා පැල හිටවූ හැටී ...//

තාම මතකයි
ඊයෙ වගෙමයි
දෙතොල් අවුවේ සැලි සැලී

අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

කුඹුක් ගහ යට බට කැලේ
නාන විටදී ඔබ දොළේ ...//

හිසත් ජලයේ ගිලි ගිලී
දෙඅත් දි බුං කෙළි කෙළී ...//

දෑස නළවා
සිනා සැලුවා
ළපටි මුහුණේ මල් පිපී

අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ඩී.සී. ජයසිංහ
තනුව - සී.ටී. ප්‍රනාන්දු

No comments: